බීබීසී රූපවාහිනී නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වන මේරියම් මෝෂිරි විසින් සජීවී රූපවාහිනී විකාශය අතරතුරදි ‘මැදඟිල්ල’ දිගු කර පෙන්වීමේ සිදුවීමක් හේතුවෙන් සමාව අයැද තිබේ.
සජීවී රූපවාහිනී විකාශය අතරතුර ඇයගේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට තත්පර කිහිපයකට පෙර ඇය විසින් තමා දෙසට කැමරාව යොමු වී නැතැයි සිතන මොහොතක මැද ඇඟිල්ල පෙන්වා ඉඟියක් කළ අතර එය සජීවීව විකාශයට ද හසුව ඇත.
ඇය පවසා ඇත්තේ මැදිරියේ සිටින තම සගයින්ට තමා පෞද්ගලිකව විහිළුවක් කිරීමට එලෙස කළ බවයි.
බිබීසී තේමා සංගීතය වාදනය වීමෙන් පසුව තම පුවත් ප්‍රකාශය ආරම්භ වන අවස්ථාවේදීම ඇය මෙය කළ බැවින් තත්පර කිහිපයක මෙම සිදුවීම බීබීසීය මගින් සජීවිව විකාශය වී තිබේ.
එහිදී ඇය සූදානම්ව ඇත්තේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පිළිබඳ ප්‍රවෘත්ති සිරස්තල කියවීමට ය.
මෙය අත්වැරදීමක් වුවද එය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක කිසිසේත් උචිත නොවන ක්‍රියාකලාපයක් බවට බොහෝ දෙනා විවචෙන එල්ල කර ඇත්තේ ඇය ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. තවත් විශාල පිරිසක් අදහස් දක්වමින් ඇයට පක්ෂව අදහස් දක්වා ඇත.
යමකු විසින් මැදඟිල්ල දිගු කර පෙන්වීමේ සංඥාව මගින් කිසියම් ආකාරයක අපහාසාත්මක අර්ථයක් ගෙනහැර දක්වන බවට සැළකේ.

