- විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්
- සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජපන් රැකියා අවස්ථා ලබන මාර්තුවේදී
විදේශගත ශ්‍රමිකයින් හට ඔවුන් එවූ මුදල් මත විද්‍යුත් වාහන ආනයනට ලබාදුන් බපත්‍ර වලට අදාලව ණයවර ලිපි නිකුත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කරණ ලෙස ජනාධිපතිවරයා අවස්ථා තුනකදී දැණුම් දී තිබුණද නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විගමණික ශ්‍රමියින් විසින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාල වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් පැවසුවේය
මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් හිටපු ජනාධිපතිවරුන් ධූරයන් දැරූ සමයේ සිටම අදාල තනතුරු වල කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ ගත ශ්‍රමිකයන් දිරිමත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියත්මකර කරන බවත් ඒ සියල්ලට කැබිනට් අනුමැතිය සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවද පෙන්වා දුන් අමාත්‍යරයා ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාවන් හේතුවෙන් එම තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවද අවධාරණය කළේය.
“ගුවන්තොටුපොලේ දී විදේශගත ශ්‍රමිකයින් එවන ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශගත වන ශ්‍රමිකින් වෙනුවෙන් හොප් ගේට් නමින් විශේෂිත ද්වාරයක් ස්ථාපිත කර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා එමගින් විගමනික ශ්‍රමිකයින් හට නිසි ගරුත්වයක් ලබා දීමට කටයුතු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
“ගුවන්තොටුපොලේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගරුත්වය ලබාදෙන්න හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් විවෘත කළා. එතනදි එහිදී අපේ විදේශගත ශ්‍රමිකයින් හට වැඩියෙන් සලකන්න, සහයවෙන්න වෙනම කණ්ඩායමක් යොදවලා විශේෂ වැඩසටහනක් සකස් කළා. ඒත් සමහර වෙලාවට ආගමන විගමන එකෙන් මේ සඳහා පොඩි පොඩි කුඩම්මාගේ සැලකිලි ලැබෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. මීට අමතරව පළමුවරට විදේශ රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ පවුල් වලට වවුචර්පත් නිකුත් කරලා තියෙනවා.“
මේ අතර ඉදිරියේදී මෙරට ශ්‍රමිකයින්ට ජපානයේ, ඊශ්‍රායලයේ නව රැකියා අවස්තා රැසක් නිරිමාණය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම එළැඹෙන මාර්තු මාසයේ සිට මෙරට ශ්‍රමිකයින් සඳහා ජපානයේ සිවිල් ගුවන් සේවා අංශයේද රැකියා රැසක් විවෘත වන බවද අමාත්‍යවරයා නිවේදනය කළේය.