Home උණුසුම් පුවත් ඔන්ලයින් පාට් ටයිම් ජොබ් පෙන්වා ලාංකිකයකු ඉන්දියාවේදී මුදල් ගරලා

ඔන්ලයින් පාට් ටයිම් ජොබ් පෙන්වා ලාංකිකයකු ඉන්දියාවේදී මුදල් ගරලා

ඔන්ලයින් පාට් ටයිම් ජොබ් පෙන්වා ලාංකිකයකු ඉන්දියාවේදී මුදල් ගරලා

අන්තර්ජාලය හරහා අර්ධකාලීන රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක් වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු කූඩලෝර් පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පුවත් වාර්තා කරන පරිදි ඉන්දියාවේ කුරුංජිපාඩි හි 32 හැවිරිදි එස්.සම්පත් නමැති පැමිණිලිකරුට ටෙලිග්‍රෑම් ඇප් එක හරහා ඔන්ලයින් අර්ධකාලීන රැකියාවක් ලබා දෙන බවට පණිවිඩයක් ලැබී ඇත.

අන්තර්ජාලය හරහා යම් යම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලබාදෙන බවට ඔහුව රවටා ඇති අතර යෙදුම සමාලෝචනය කිරීම සඳහා කුඩා ආයෝජනයක් කරන ලෙසත් සම්පත්ට හොඳ ප්‍රතිලාභයක් ලබාගත හැකි බවත් නාඳුනන පුද්ගලයා සහතික කරමින් පවසා තිබේ.

සම්පත් විසින් නාඳුනන පුද්ගලයා ලාබ උපයා දීමේ පොරොන්දු පිට තමාට ලබාදුන් කාර්යයන් අඛණ්ඩව සම්පූර්ණ කරමින් සිටින අතරතුර විශාල පිරිසක් සිටින ටෙලිග්‍රෑම් සමූහයකට ඔහු සම්බන්ධ කර ඇත.

එහිදී ඔහු දිගටම කාර්යයන් ඉටු කර බැංකු ගිණුමකට ඉන්දීය රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවා ඇත.

අවසානයේ ඔහුගේ වංචා කළ බවට පෙනීයාමෙන් පසුව ඔහු සයිබර් අපරාධ පොලිසියට පැමිණිලි කළේය.

ඒ අනුව පොලිස් අධිකාරී ආර්. රාජාරාම් මහතාගේ උපදෙස් මත ඉන්දීය සයිබර් අපරාධ අංශය මගින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලදී.

එම කණ්ඩායමේ ගිණුම් හිමියෙකුට සිදුකරන ලද රුපියල් ලක්ෂ 6ක අවසන් ගනුදෙනුව සොයාගෙන සැකසහිත බැංකු ගිණුම් හිමියාගේ විස්තර සහ සම්බන්ධිත ජංගම දුරකථන අංකය බැංකුවෙන් ලබාගෙන ඇත.

එම ගිණුම චෙන්නායි හි අම්බත්තූර් හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන 26 හැවිරිදි සල්මන් මොහොමඩ් ෆාරුක්ට අයත් එකක් බව පොලීසිය විසින් ‍සොයා ගන්නා ලදී.

ඔන්ලයින් වංචාවේ මහමොළකරු චීනයේ සිටින බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා චෙන්නායිහිදී සල්මාන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුව කූඩලෝර් වෙත රැගෙන ආවේය.

ලාංකිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර කූඩලූර් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා ඇත.

ඉන්දීය පොලීසිය මගින් මෙම අන්තර්ජාල අර්ධ රැකියා සම්බන්ධ වංචාව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here