තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපරාධ පැමිණිලි යටගැසූ නාරම්මල අපරාධ අංශයේ OICගේ වැඩ තහනම්

    අපරාධ පැමිණිලි යටගැසූ නාරම්මල අපරාධ අංශයේ OICගේ වැඩ තහනම්

    නාරම්මල නගරයේ ඇති වෙළඳසැල් 07ක් එකම දිනක හොරු බිඳ තිබියදී ඒ සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් පමණක් පොලිස් පොත්වල සටහන් කරගෙන සෙසු පැමිණිලි පොලිස් පොත්වල සටහන් කර නොගෙන එම සොරකම් සැඟවීමට කටයුතු කළ නාරම්මල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේත් වැඩ තහනම් කිරීමට කුලියාපිටිය පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    වැඩ තහනමට ලක්වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂකවරයෙකි.

    නාරම්මල නගරයේ පිහිටි වෙළඳ සැල් 07 හොරු බිඳ ඇත්තේ පසුගිය 30 වෙනිදා රාත්‍රී කාලයත් 01 වෙනිදා අලුයම් කාලයත් අතරය. එම කණ්ඩායමක් විසින් මෙම සොරකම් 07ම සිදුකර ඇති බව පෙනී ගොස් තිබේ.

    සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ වෙළඳ සැල් 07ම හිමිකරුවන් පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලිකරන්නට සූදානම් වූවත් අපරාධ අංශයේ නිලධාරීන් විසින් සටහන්කරගෙන ඇත්තේ එක් පැමිණිල්ලක් පමණකි. සෙසු පැමිණිලි 06 සටහන් කර නොගෙන ඇත්තේ අඩුම තරමින් සොරකම් සිදුවුණු වෙළඳ සැල්වලට ගොස් නිරීක්ෂණ සටහනක්වත් නොතබාය.

    මේ ගැන කුලියාපිටිය පොලිස් ප්‍රධානියා වන කොට්ඨාශභාර පොලිස් අධිකාරීවරයාට තොරතුරු ලැබීමත් සමඟ විමර්ශනයක් පවත්වා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේත් වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ අපරාධ වසන් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img