තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් දරුවන්ගේ පෙළපොත් -නිලඇඳුම්- සපත්තු -ආහාර ගැන දැනුම්දීමක්

    පාසල් දරුවන්ගේ පෙළපොත් -නිලඇඳුම්- සපත්තු -ආහාර ගැන දැනුම්දීමක්

    ලබන වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් බෙදා අවසන් කරන බව සභානායක හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

    ඉකුත් වර්ෂයේදී යම් ප්‍රමාදයක් සිදුවුවත් ලබන වර්ෂයේදී එවැනි ප්‍රමාදයක් සිදු නොවන බව අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

    ලබන වර්ෂයේ පෙබරවාරි 19 වන දින පළමු වාරය ආරම්භ වන බව කී ඒ මහතා දරු දැරියන් සඳහා රජයෙන් ලබා දෙන මූලික පහසුකම්වන පෙළපොත්, සපත්තු සහ නිල ඇදුම් ලබා දෙන බව කීවේය.

    අධ්‍යාපන අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ සඳහා රුපියල් බිලියන 517ක් ලබන වර්ෂය සඳහා වෙන් වී ඇතැයි කී ඒ මහතා එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 55ක ඉහළ යාමක් යැයි ද කීවේය.

    දරුවන් ලක්ෂ 16ක් සඳහා දිවා ආහාර ලබා දෙන බව ද හත්ලක්ෂ පනස්දහසක් සඳහා නොමිලේ සපත්තු ලබා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අය වැය මුදල් ප්‍රමාණවත් නොමැති අවස්ථාවලදී ප්‍රදානයන් ඇතුලු වෙනත් මූල්‍ය ක්‍රම ඊට පදනම් කර ගන්නා බව ද ඒ මහතා කීවේය.

    උසස් පෙළ හා සාමාන්‍ය පෙළ නියමිත පරිදි පැවැත්වීමේ ගැටලුව ඉදිරියේදී මඟ හැරෙන බවත් ඒ යටතේ ලබන වර්ෂයේදී පාසල් තුළ විෂය නිර්දේශ හා වාර විභාග පැවැත්වීම විධිමත් කරන බව ප්‍රකාශ කළේය.

    ඒ අයුරින් වර්ෂ 2025 වන විට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පෙර පැවැති අයුරින් පැවැත්විමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කීහ.

    ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (03) මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img