Home උණුසුම් පුවත් යකඩ පොල්ලෙන් පහරදුන් සැමියාගේ ගෙල කපා මැරූ බිරිඳක්

යකඩ පොල්ලෙන් පහරදුන් සැමියාගේ ගෙල කපා මැරූ බිරිඳක්

0
යකඩ පොල්ලෙන් පහරදුන් සැමියාගේ ගෙල කපා මැරූ බිරිඳක්

යකඩ පොල්ලකින් පහරදුන් සිය සැමියාගේ දෑසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකල බිරිඳක් සැමියාගේ ගෙල කඩුවකින් කපා මරා දමා ඇතැයි වැල්ලව පොලීසිය කියයි.

මෙම අපරාධ ඊයේ සවස සිදුව ඇත්තේ වැල්ලව බලනගහගම ප්‍රදේශයේ නිවසක් තුලදීය.

සැමියාට ස්ථිර ආදායම් මාර්ගක් නොමැති තැනැත්තෙක් බවත් බිරිඳ ඇගළුම් සේවිකාවක් බවත් පොලීසිය කියයි. ඇය 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.

සැමියා විසින් බිරිඳ සමඟ ආරවුලක් ඇතිකරගෙන බිරිඳට යකඩ පොල්ලකින් පහරදී ඇති බව පොලීසිය කියයි. එහිදී බිරිඳ විසින් සැමියාගේ දෑස්වලට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ලකර නිවසේ තිබුණූ කඩුවකින් ගෙලද හා පාදවලට පහරදී ඇති බව පොලීසිය කියයි. එම ප්‍රහාරයෙන් සැමියා මියගොස් ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සැමියාගේ පහරදීම් ඉවසා ගැනීමට නොහැකිව ඔහුව මරා දැමූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here