අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාග ප්‍රතිඵලවලට අදාළ කඩඉම් ලකුණු අද (01) නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා කියාසිටියේ විශ්වවිද්‍යාල සඳහා අයඳුම් කළ අපේක්ෂකයින්ට සිය අධ්‍යයන පීඨය සම්බන්ධයෙන් තොරතුරු සති 6ක් වැනි කෙටි කාලයකදී නිකුත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමත් වී ඇති බවය.
අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කිරීමට නියමිතයි.
මේ අතර විශ්වවිද්‍යාලවල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සෑම දරුවෙකුටම, ඔවුන් ලබා දී ඇති දුරකතන අංකයට අද දින(01) තුළ SMS පණිවිඩයක් එවීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම්(Z)ලකුණු නිකුත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට අද (01) එක් වෙමිනි.
නැතිනම් ඔවුන්ට UGC හිස්තැනක් (විභාග අංකය) යොදා 1919 SMS පණිවිඩයක් එවීම මගින්ද තොරතුරු ලබා ගත හැකිය.
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දුරකතන අංක 0112 695 301,0112 695 302, 0112 692 357,0112 675854 ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ලේකම්(විශ්වවිද්‍යාල ප්‍රවේශ) ශාලිකා ආරියරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.