Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුවේදී රණ්ඩු වූ ඩයනා ඇතුළු මන්ත්‍රීවරුන්ට වෙන්න යන දේ..

පාර්ලිමේන්තුවේදී රණ්ඩු වූ ඩයනා ඇතුළු මන්ත්‍රීවරුන්ට වෙන්න යන දේ..

පාර්ලිමේන්තුවේදී රණ්ඩු වූ ඩයනා ඇතුළු මන්ත්‍රීවරුන්ට වෙන්න යන දේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල පසුගිය දිනෙක සිදුවූ කළහකාරී හැසිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ වාර්තාවෙන් සිදුවීමට අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාගේ පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවිය යුතු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම සිදුවීමට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්ගේ ද පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමට නියමිත බව සඳහන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු වාර්තාවෙන් මේ බව නිර්දේශ කර ඇති බව පැවස‍ේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත එම කමිටුවට චමල් රාජපක්ෂ ,රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.

සබැඳි පුවත්
ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝව එළියට (📹)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here