ඉදිරි දිනවලදී උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අධික වැසි සහ විටින් විට තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
එහි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.
එය 2023 දෙසැම්බර් 02 දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී 2023 දෙසැම්බර් 03 දින වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.
මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් ඉහත ප්‍රදේශවලට අපේක්ෂා කරයි.