තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

    IMF වෙතින් ශ්‍රී ලංකාවට කොළ එළියක්

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය දුන් රටවල් සමග ශ්‍රී ලංකාව එළැඹි ප්‍රතිපත්තිමය එකඟතාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව එම අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ පළමු සමාලෝචනය අවසන් කිරීමට නියමිතය.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය සහන සහ ණය නැවත ගෙවීම සඳහා වන කාලසීමාවන් දීර්ඝ කිරීමට නිල ණය හිමි කමිටුව (OCC) ඊයේ ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹි බවට නිවේදනය කළේය. ඊට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් තැබීමට නියමිතය.

    චීනයේ අපනයන ආනයන බැංකුව සමග ඇමෙරිකා ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමෙන් මානසයකට පමණ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකගතාවට පැමිණ ඇත.

    මෙම සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා ඩොලර් මිලියන 334 ක පමණ අරමුදල් එනම් මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලැබෙනු ඇති.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීමෙන් පසු දශක 07 ක් තුළ දැඩි මූල්‍යමය අර්බුදයකට මුහුණ දුනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් තවදුරටත් මුදල් ලබාගත හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img