Home උණුසුම් පුවත් පුංචි ඡන්දෙට ඉල්ලන්න ගිය රාජ්‍ය සේවකයන්ට කරන දේ..

පුංචි ඡන්දෙට ඉල්ලන්න ගිය රාජ්‍ය සේවකයන්ට කරන දේ..

පුංචි ඡන්දෙට ඉල්ලන්න ගිය රාජ්‍ය සේවකයන්ට කරන දේ..

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින් ඔවුන් පෙර සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ පිළිබඳ දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මේ යටතේ පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ ඉන්නවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලලා නැවත සේවයේ පිහිටුවන්න අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබුණට පස්සේ මාසයක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවනවා. ඒ වගේම එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here