රථවාහන නඩු ලබාගැනීමේදී දඩමුදල් අයකර ගැනීම වේගවත් කිරීමට ස්යංක්‍රීයව දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් (Spot Fine Information System) ස්ථාපිත කිරීමට 2014 වසරේ සිට සැළසුම් කලද මෙතෙක් එය ක්‍රියාත්මක වී නැති බව විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් කළ විගණන වාර්තාව මගින් ඒ බව අනාවරණය කර ඇත.
දඩමුදල් අයකර ගැනීම වේගවත් කිරීමට අමතරව මෙහි අරමුණක් වී තිබුණේ රාජ්‍ය ආදායමට එකතුවන දඩ මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම හා මහජනයාට දඩ මුදල් ගෙවීම පහසු කිරීමය.
ජංගම දුරකථයෙන් එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවිය හැකි ආකාරයට එම සැළසුම් සකස්කර තිබුණේ එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයාව සිටියදීය.
එහෙත් මෙතෙක් එම සැළසුම ක්‍රියාවට නැගී නැත. මේ ගැන විගණන වාර්තවේ විශේෂයෙන් සඳහන්කර ඇත්තේ හඳුනාගත් අරමුණු ඉටුවන ආකාරයට ස්යංක්‍රීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කරමිනි.
මේ සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් කරුණු දක්වන්නේ කැබිනට් අනුමැතිය ලද පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු සිදුකර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවය.