Home COVID රටටම අද රෑ 11 සිට සංචරණ සීමා පැනවෙන්නෙ මෙහෙමයි

රටටම අද රෑ 11 සිට සංචරණ සීමා පැනවෙන්නෙ මෙහෙමයි

රටටම අද රෑ 11 සිට සංචරණ සීමා පැනවෙන්නෙ මෙහෙමයි

මුළු දිවයිනටම අද (21) රාත්‍රී 11 සිට සංචරණ සීමා පැනවේ.

ලබන 25 වනදා උදෑසන 4 වනතුරු එය ක්‍රියාත්මකයි.

සංචරණ සීමා කාලය තුළ රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බව අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවැසීය.

රටේ මතුවු කොවිඩ් වසංගතයේ වැඩිවීම හමුවේ සංචරණ සීමා කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව හෙතෙම අවධාරණය කළේය.

කෙසේවෙතත් අදාළ කාලසීමාව තුලදී ඔසුසැල් විවෘතව තැබීමට අවසර හිමිවේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ පිසින ලද ආහාර ද්‍රව්‍ය වෙළඳාමේ නිරතවීම ජංගම රථ ඔස්සේ සිදුකල හැකි ය.

එලෙස අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

යම් අයෙක් ජංගම සේවාවක් ලෙස ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ මොනයම් අත්‍යාවශ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කළ යුතු ය.

අද රාත්‍රියේ සිට මැයි 28 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා බලපැවැත්වෙන ආකාරය පහතින් දක්වා ඇත.

අද (21):

  • රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (22) සිට සඳුදා (24) දක්වා:

  • මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

අඟහරුවාදා (25):

  • අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
  • අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් සංචරණ සීමා නොමැත.
  • රාත්‍රී 11 සිට නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මකයි.

බදාදා (26) ස​හ බ්‍රහස්පතින්දා (27):

  • මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

සිකුරාදා (28):

  • අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here