HUMAN IMMUNOGLOBULIN නැමැති ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකුගෙන් අද දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත මෙම ප්‍රකාශ සටහන්කරගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගෙන් සහ මූල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙනි.