Home උණුසුම් පුවත් වාහන වේගසීමා පරීක්ෂා කරන පොලීසියේ උපකරණ වැඩ නෑ

වාහන වේගසීමා පරීක්ෂා කරන පොලීසියේ උපකරණ වැඩ නෑ

0
වාහන වේගසීමා පරීක්ෂා කරන පොලීසියේ උපකරණ වැඩ නෑ

ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වනවිට පවතින රථවාහන අංශය සතු වේගසීමා පරීක්ෂා කිරීමේ උපකරණ අක්‍රිය තත්ත්වයේ ඇතැයි නවතම විගණන වාර්තාවකින් හෙළිකර ඇත.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් කළ විගණන වාර්තාව මගින් ඒ බව අනාවරණය කර ඇත.

එම විගණන වාර්තාවය අනුව ශ්‍රී ලංකා පොලීසියට අවසන්වරට වේග සීමා පරීක්ෂා කිරිමේ උපකරණ මිලදී ගෙන ඇත්තේ 2016 වසරේදීය. එවර මිලදී ගෙන ඇත්තේ යන්ත්‍ර 25ක් පමණි.

ඊට පෙර 2013 වසරේදී යන්ත්‍ර 30ක්ද, 2010 වසරේදී යන්ත්‍ර 100ක්ද මිලදී ගෙන ඇති බවද එම විගණන වාර්තවේ සඳහන්ය.

එම උපකරණ අතරින් විශාල ප්‍රමාණයක් මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බව ද එහි සඳහන්ය. 2018 – 2022 කාල පරිච්ජේදයේ වාර්ෂිකව වේග මාපක යන්ත්‍ර (Automatic Speed Trap) 500 බැගින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද පොලිස් කොට්ඨාශයට ලබා ගැනීමට ඉල්ලුම්කර තිබුණද 2016 වසරින් පසු එක යන්ත්‍රයක්වත් ලැබී නැත.

විගණන වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිවඳ ජාතික සභාව විසින් වේග මාපක යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් මිලියන 150ක් වෙන්කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here