Home උණුසුම් පුවත් පොලීසිවල කල්ඉකුත් වූ කඳුළු ගෑස් ගැන අනාවරණයක්

පොලීසිවල කල්ඉකුත් වූ කඳුළු ගෑස් ගැන අනාවරණයක්

0
පොලීසිවල කල්ඉකුත් වූ කඳුළු ගෑස් ගැන අනාවරණයක්
file photo

භාවිතයට ගත නොහැකි අවි, පතොරම් හා කැරලි මර්දන උපකරණ හා සංග්‍රාමික උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ කරන තෙක් පොලීසියේ මධ්‍යම අවි ගබඩාවේ කන්ටේනර් පෙට්ටි 09ක් තුළ අවිධිමත් හා ගණනය කළ නොහැකි ලෙස ගොඩ ගසා ඇතැයි නවතම විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වසරට අදාලව නිකුත් කළ විගණන වාර්තාව මගින් ඒ බව අනාවරණය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව මධ්‍යම අවි ගබඩාවේ බඩු වට්ටෝරු ලේඛනයට අනුව භාවිත කිරීමට නොහැකි C S Tear Gas (shells) උණ්ඩ 4,844ක් හා C S Tear Gas (Grenades) 4,992ක් තිබිය යුතු ය.

එහෙත ගබඩාවේ පැවති 1,056 (893 ක් හා 163ක්) ක ප්‍රමාණය හැර ඉතිරි ප්‍රමාණය පිළිබඳ ලේඛනගත තොරතුරු අසම්පූර්ණ ඒවා බවද සඳහන්කර තිබේ.

කෙසෙල්වත්ත හා නාරාහේන්පිට පොලිස් ස්ථාන දෙකෙහි පැවති Tear Gas 871 ක ප්‍රමාණය 2004, 2005 හා 2012 වර්ෂවල නිෂ්පාදිත ඒවා බවත් ඒ අනුව කල් ඉකුත් වූ Tear Gas තොග පොලිස් ස්ථාන සතුව පැවති බවත් එම විගණන වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here