තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LTTEය කළ ප්‍රභූ ඝාතන ප්‍රසිද්ධ කරන්න ගිය පිරිසකට හිටපු කොටියෙකුගෙන් තර්ජනය

    LTTEය කළ ප්‍රභූ ඝාතන ප්‍රසිද්ධ කරන්න ගිය පිරිසකට හිටපු කොටියෙකුගෙන් තර්ජනය

    යුධ සමයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කළ ප්‍රභූවරුන්ගේ ඡායාරූප හා බැනර් ප්‍රදර්ශනය කළ පිරිසකට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් තර්ජනය කර ප්‍රදර්ශනයේ තිබුණු බැනර් හා පුවරු ඊයේ සවස කඩා දමා ඇතැයි වවුනියාව පොලීසිය කියයි.

    මෙම පුවරු සහ බැනර් පසුගිය 25 වෙනිදා සිට වවුනියාව නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනයේ තබා තිබුණු බව පොලීසිය සඳහන් කළේය.

    වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන සාමකාමී පිරිසක් විසින් මෙම බැනර් හා පුවරු ප්‍රදර්ශනයට තබා තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    එම ස්ථානයට ඊයේ සවස පැමිණි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් පුවරු හා බැනර් කඩා දමමින් කලහාකාරී ලෙස හැසිරී ඇති බවත් එම ස්ථානයේ සිටි පිරිසට තර්ජනයකර ඇති බවත් පොලීසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් අදාල පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. එස්. ආනන්දවරනන් නැමැති 42 හැවිරිදි වියේ පසුවන්නෙක් වන ඔහු වවුනියාව තෝනික්කල් හී පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img