නවසීලන්තය විසින් මීන් පෙර එරට ඉදිරි පරම්පරාවන් සඳහා පනවනු ලැබූ දුම්වැටි තහනම හකුලා ගැනීමට නව රජය තීරණය කර ඇත.
ඒ අනුව මීට පෙර ජසින්ඩා ආඩන් රජය විසින් හදුන්වා දුන් 2008 වර්ෂයෙන් පසු එරට උපන් කිසිවෙකුට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට ගත් තීරණය මෙලෙස බලරහිත කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ (27) නව නවසීලන්ත අග්‍රාමත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන් ක්‍රිස්ටෝපර් ලක්සන් විසින් මෙම නව තීරණය ප්‍රකාශයට පත්කර ඇත. එහිදී ඔහු සිය තීරණය සාධාරණීකරණය කිරීම සඳහා පවසා ඇත්තේ අදාල දුම්වැටි තහනම මගින් නවසීලන්ත රජයට විශාල බදු ආදායමක් අහිමි වනු ඇති බවත් එය වලක්වාලීමට තමන් මෙම තීරණය ගත් බවත්ය.
මේ අතර දුම්වැටි තහනම මගින් නවසීලන්තය තුල දුම්වැඩි සඳහා කළු කඩ නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවත්ය.
කෙසේවෙත්ත මේ තීරණය සම්බන්ධයෙන් දුම්වැටි විරෝධී ක්‍රියාකාරීන් පවසා ඇත්තේ මෙය දුම්කොල සමාගම් ලැබූ විශාල ජයග්‍රහනයක් බවයි.
නවසීලන්තය තුල වලක්වා ගතහැකි මරණයට පත්වීම වලින් බහුතරයක් දුම්පානය හේතුවෙන් ඇතිවන රෝගාබාද බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. ඒ අනුව අදාල තහනම ක්‍රියාත්මක වූයේ නම් වසරක ජීවිත පන්දහසක් පමණ ආරක්ෂා කරගැනීමට හැකියාව පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.