Home උණුසුම් පුවත් රොෂාන්ගේ ඇමතිකම් 2ට බෙදෙයි- ක්‍රීඩා හරීන්ට -වාරිමාර්ග පවිත්‍රාට

රොෂාන්ගේ ඇමතිකම් 2ට බෙදෙයි- ක්‍රීඩා හරීන්ට -වාරිමාර්ග පවිත්‍රාට

රොෂාන්ගේ ඇමතිකම් 2ට බෙදෙයි- ක්‍රීඩා හරීන්ට -වාරිමාර්ග පවිත්‍රාට

රොෂාන් රණසිංහ මහතා දැරූ අමාත්‍ය ධුර දෙකින් ඔහු ඉවත් කිරීමත් සමඟ එම අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව වාරිමාර්ග අමාත්‍ය ධුරය ලබාදී ඇත්තේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස, සංචාරක හා ඉඩම් අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

ඒ අනුව නව අමාත්‍යවරුන් දෙදෙනා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අමාත්‍ය ධුරවල ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here