ග්‍රාමීය පාසල්වල සිසුවියන් ලක්ෂ 3කට ලබන වසරේ සිට සනීපාරක්ෂක තුවා ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පැවසීය.
ඔහු පෙන්වාදෙන්නේ ස්වේච්ඡා සුබසාධන ව්‍යාපෘතියක් යටතේ ලක්ෂ 3කින් අරඹා පසුව සියලුම දෙනාට ලබාදිය හැකි පිරිදි මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කරන බවයි.
ග්‍රාමීය පාසල් මුල්කොටගෙන ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ සියලුම පාසල් සිසුවියන්ට මෙලෙස සනීපාරක්ෂක තුවා ලබාදීමට හැකි වනපරිදි රජයේ අරමුදල් ද ලබාගැනීමට උත්සහ කරන බව හෙතෙම කීය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සියලුම දෙනාට සනීපාරක්ෂක තුවා ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.
අධ්‍යාපන අමාත්‍ය්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එහිදී මෙසේ පැවසීය.
“සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රාථමික අංශයේ දරුවෝ ඉන්නවා ලක්ෂ 16ක්. ඊට ඉහළින් තමයි ඉතුරු ලක්ෂ 24 ඉන්නේ. ගැහැණු පිරිමි දරුවෝ කියලා බැලුවොත් බාලිකාවෝ ඉන්නවා ලක්ෂ 12ක්. ඒ 12ක් අඩුම ගානේ ලක්ෂ 10කට දුන්නොත් සියලුම දෙනා ආවරණය කළ හැකියි. ප්‍රධාන පාසසල් ටිකේ ලොකු අවශ්‍යතාවක් නෑ. සීඑස්ආර් ප්‍රොජෙකට් එකකින් මම සාකච්ඡා කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ ඉඳලා අඩුම ගානේ ලක්ෂ 3කින් පටන් අරන් වැඩිකරගෙන යන්න බලනවා. ග්‍රාමීය ප්‍රදේශවල මුලිකව ලබාදෙනවා. සීඑස්ආර් ප්‍රොජෙක්ට් එකකින් මම පටන් ගන්නවා. මම බලනවා රජයේ අරමුදලුත් ලබාගන්න පුළුවන් වුණොත් එතකොට ඔක්කොටම දෙන්න පුළුවන්.”