තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වී මෝල් හිමියෝ කීරි සම්බා හංගති

    මහ වී මෝල් හිමියෝ කීරි සම්බා හංගති

    මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළඳපොළට කීරි සම්බා සහල් තොග නිකුත් නොකර සඟවා තබාගෙන සිටිනවා යැයි වෙළඳ වාණිඩ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

    පාර්ලිමේන්තුවේ පැවැති අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමකට එක්වෙමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගිය දා (22) මේ බව සඳහන් කළේය.

    මෙම තත්ත්වය හේතුවෙන් රටේ කීරි සම්බා සහල් හිඟයක් කෘතිමව නිර්මාණය වී ඇතැයි හෙතම සඳහන් කළේය. අදාළ වෙළඳපොළ තත්ත්වය සමනය කර ගැනීම සඳහා හිඟය වැළැක්වීමට තමන් කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය කාලයේ මෙම මහා පරිමාණ වීීීීී මෝල් හිමියන් කීරි සම්බා වී මිටියට රුපියල් දස දහසක තරම් ලංසු තබා ඇති අතර කීරි සම්බා හිඟයක් නිර්මාණය කරමින් වැඩි මිලට කීරි සම්බා වෙළඳපොළට නිකුත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

    සහල් මාෆියාව සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා හෙළි වුවද ඔවුන්ගේ වත්කම් මත අදාළ පරීක්ෂණ කණ්ඩායම් ද නොමග ගොස් ඇතැයි පාර්ලිමේන්තුවේ දී කරුණු සාකච්ඡාවට ලක්විය. මේ නිසා මහා පරිමාණ වී මෝල් හිමියන් මිනිසුන්ගේ බත් ඇටයෙන් ද මහා පරිමාණ ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක බව පැහැදිලි වී ඇතැයි ද එහි සඳහන් විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img