ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) පරීක්ෂණ යළි කැඳවීමට තීරණය කර තිබේ.
ඒ කෝප් කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නොමැතිව ය.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කෝප් කමිටුුව හමුවේ කැඳවීමත් සමඟ කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීමට කමිටු සාමාජිකයන් පියවර ගත්‍තේය.
ඒ ක්‍රිකට් අයාතන නිලධාරීන් හෝ කමිටු සාමාජිකයන් ප්‍රශ්න කිරීම හෝ උත්තර දීම පාලනය කිරීමට ‘හස්ත සංඥා’ දෙමින් සභාපතිවරයා සිදුකළ ක්‍රියාව විවේචනය කිරීමට මන්ත්‍රීවරු පසුගිය දින කිහිපය පුරාම පියවර ගත්හ.
එපමණක් නොව ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ව්‍යාපෘතියක් හා පැවති සම්බන්ධයක් හුවා දක්වමින් සබාපතිවරයාට ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණ සඳහා කෝප් සභාපතිවරයා ලෙස සහභාගි වීමේ ගැටලු ද අයවැය විවාදය අතරතුරදී මන්ත්‍රීවරු දිගින් දිගටම ප්‍රශ්න කළහ.
කෝප් කමිටු සභාතිවරයාගේ ප්‍රශ්නය හේතුවෙන් කෝප් කමිටු රැස්වීම් ද තාවකාලිකව නතර කෙරිණි.
කෙසේවෙතත් සභභාපතිවරයාගේ සහභාගිත්වය පිළිබඳ කමිටු සාමාජිකයන් පියවරක් ගත යුතු බවත් එතෙක් යළි කෝප් කමිටුව රැස්වීමටත් පසුගියදා තීරණය වූ බවට නිවේදනය කෙරිණි.
සභාපතිවරයාගේ සහභාගිත්වය පිළිබඳ අද පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇත්තේ මෙම පසුබිම තුළදී ය.