තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල්වලට වැට් වදින හැටි

    තෙල්වලට වැට් වදින හැටි

    මෙවර අයවැයෙන් යෝජිත එකතු කළ අගය මත බද්ද (වැට්) 18% ක වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බව විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා අද පැවසීය.

    “යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය මේ වසරේ දෙසැම්බර් 10 වැනිදා ගන්නවා. කෙසේ වෙතත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.” අමාත්‍යවරයා පැවසීය.

    යෝජිත වැට් බදු වැඩිවීම ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුකමිටුව දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

    ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

    “දෙවන පිරිපහදුව ක්‍රියාත්මක වූ පසු ශ්‍රී ලංකාව පෙට්‍රෝ-රසායන ද්‍රව්‍ය සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අපනයනය සඳහා යොමු වෙනවා.” ඔහු පැවසීය.

    එමෙන්ම ලබන මාසයේදී ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් අවසන් කිරීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img