Home උණුසුම් පුවත් විදෙස් චිත්‍රපට ගෙන්වීමේ බලපත් ගාස්තුව අඩුවෙයි

විදෙස් චිත්‍රපට ගෙන්වීමේ බලපත් ගාස්තුව අඩුවෙයි

විදෙස් චිත්‍රපට ගෙන්වීමේ බලපත් ගාස්තුව අඩුවෙයි

මහජන ප්‍රදර්ශනය සඳහා විදේශීය චිත්‍රපට ගෙන්වීමේදී ලබාගත යුතු නීත්‍යානුකූල බලපත්‍රය සදහා අයදුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යංශය පැවසුවේ ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි.

මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයඳුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබීය.

නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here