තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන -උරුගුවේ ජනපතිවරුන් අතර සාකච්ඡා

    චීන -උරුගුවේ ජනපතිවරුන් අතර සාකච්ඡා

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද (22) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

    චීනය හා උරුගුවේ රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ආරම්භ කර ගතවූ වසර 35 තුළ දෙරට සෑමවිටම අන්‍යෝන්‍ය ගරුත්වය හා සාමකාමී යහපැවැත්මෙන් කටයුතු කළ අතර පොදු ජයග්‍රහණ සහිත සහයෝගිතා පවත්වා ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් ලෙස වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් කොවිඩ් වසංගතයට ඒකාබද්ධව මුහුණ දීමේදී එකිනෙකාට සහාය වීම තුළින් දෙරට උපායමාර්ගික සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කර ඇතැයි ද චීන ජනාධිපතිවරයා පැවසීය.

    දෙරට මිත්‍රත්වය ඉදිරියට මෙහෙයවමින් සෙසු රටවලට ආදර්ශයක් ලෙස චීන- උරුගුවේ සම්බන්ධතාවය ගොඩනැගීමට ඒකාබද්ධව ප්‍රයත්න දැරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා කියාසිටියේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img