නෙදර්ලන්ත මහ මැතිවරණයෙන් දැඩි ඉස්ලාම් විරෝධී මතයක් දරණ ගියර්ට් විල්ඩර්ස් ජයගෙන ඇති බවට වාර්තාවේ.
විල්ඩර්ස්ගේ නිදහස් පක්ෂය විසින් ආසන 37ක් දිනා ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව මේවන විට නෙදර්ලන්ත මැතිවරණයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට විල්ඩර්ස් හට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තම ජයග්‍රණයත් සමඟ විල්ඩර්ස් සඳහන් කර ඇත්තේ නිදහස් පක්ෂය තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත් ඒ අනුව ඔවුන් ඉදිරයේදී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත්ය.
විල්ඩර්ස්ගේ ජයග්‍රහනයත් සමඟ නෙදර්ලන්ත දේශපාලන වේදිකාව දෙදරා ගොස් ඇති බවට බීබීසි ලෝක සේවය වාර්තා කරන අතර එය යුරෝපා කළාපයට බලපෑමක් එල්ල කරනු ඇති බවදට එම පුවත් සේවය සඳහන් කරයි.
කෙසේ වෙතත් විල්ඩර්ස් හට නෙදර්ලන්තයේ අග්‍රමාත්‍යධූරය ලබා ගැනීමට නම් ආසන 150කින් යුක්ත නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ ආසන 76ක් දිනාගතයුතුව ඇත. එ් අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විල්ඩර්ස් හට සන්ධානගත වීමට සිදුවනු ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡාවන් මේවන විටත් ආරම්භ වී ඇති බවටද වාර්තාවේ.
මේ අතර විල්ඩර්ස්ගේ මැතිවරණ වැඩසටහනට තුල නෙදර්ලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණයක් ඉල්ලා සිටීමද තිබිණු අතර, සරණාගතයින් පිළිගැනීම සහ නෙදර්ලන්ත දේශසීමා තුළ සංක්‍රමණික සම්බන්ධයෙන්ද යෝජනා ඇතුලත් විය.