වැටලීමකදී අත්අඩංගුවටගත් වල් ඌරුමස් කිලෝ 50කින් 45ක් අතුරුදන්කර ඒ වෙනුවට කිලෝ 05ක් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගෙන තිබුණි.
මෙම නිලධාරියා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ තිහගොඩ පොලිස් ස්ථානයේය. ඔහු අකුරැස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී ඉකුත් පෙබරවාරි 26 වෙනිදා මෙම සිදුවීම වී තිබේ.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නිලධාරියාට එරෙහිව නඩුවක්ද මේ වන විට පවරා ඇත.
එම නඩුව පෙරේදා (21) කැඳවූ අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
මෙම නිලධාරියා විසින් කළ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද නිර්නාමික පෙත්සමකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබුණි.