ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තබා තිබේ.
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබීය.
එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නඩුව හෙට දින තෙක් කල්තැබීය.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසිනි.