අධිකරණයේ විභාගවන නඩුවක් වහසිසහගත ලෙස අවසන්කර දීමට යැයි කියා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට හැදූ කල්මුණේ පොලීසියේ නඩු මෙහෙයැවීමේ අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කල්මුණේ පිහිටි හෝටල් කාමරයකක් තුළදී ඊයේ උදෑසන 7.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
අපරාධ නඩුවක චූදිත කාන්තාවක්වන අම්පාර එරගම පදිංචි 33 හැවිරිදි කාන්තාවකගෙන් මෙසේ ලිංගික අල්ලස් ගැනීමට ගොස් ඇත. එම කාන්තාව විසින් අල්ලස් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කල්මුණේ පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ දෙදෙනා හෝටල් කාමරයේ රැදී සිටියදීය.
මෙම කාන්තාවට එරෙහිව එල්ලවී ඇති අපරාධ චෝදනාවට අදාලව අධිකරණය මගින් ඇයව ඇප මත මුදා හැර සිටින බවත් ඇප කොන්දේසියකට අනුව සතියකටවරක් කල්මුණේ පොලීසියට පැමිණ අත්සන් කළ යුතුව ඇත.
සතියකට වරක් කෙරෙන අත්සන් කිරීම මාසයකට වරක් දක්වා දීර්ඝ කර දීමටත් නඩුවෙන් නිදහස්වන ආකාරයට කටයුතු කිරීමටත් අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තිබෙන බව සඳහන්ය.
මෙම ලිංගික අල්ලස එම නිලධාරියා විසින් ඇගෙන් ලබාගැනීමට හොටල් කාමරයට ගොස් ඇත්තේද නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණු ඊයේ දිනයේදීම වීම විශේෂිතය.
සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට පොලිස් නිලධාරියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.