Home උණුසුම් පුවත් හොර නෝට්ටු තොගයක් සමඟ උපාධි අපේක්ෂක කොටු

හොර නෝට්ටු තොගයක් සමඟ උපාධි අපේක්ෂක කොටු

0
හොර නෝට්ටු තොගයක් සමඟ උපාධි අපේක්ෂක කොටු

ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධ අන්තර්ජාල ව්‍යාපාරකටයුතුවල නිරත විශ්විවිද්‍යාලයක භාහිර උපාධි අපේක්ෂකයෙකු රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 63ක් සමඟ බියගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම වඩුවේගම ප්‍රදේශයේදීය.

මෙම පුද්ගලයා ව්‍යාජ නෝට්ටු බියගම පිහිටි වෙළඳ සැල් දෙකකටද ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. එම නෝට්ටු දෙකද සොයාගත් බව පොලීසිය කියයි.

සැකකරු විසින් මෙම නොට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here