තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රීවීල් රියදුරාගෙන් පෙට්‍රල් ලීටරයක් අල්ලසට ගත් පොලීසියේ දෙන්නට වූ දේ..

    ත්‍රීවීල් රියදුරාගෙන් පෙට්‍රල් ලීටරයක් අල්ලසට ගත් පොලීසියේ දෙන්නට වූ දේ..

    ත්‍රීරෝද රථයක ඉදිරි පස වීදුරුව ආසන්නයේ බුදු පිළිමයක් සහ ඇත් දළ යුවලක අනුරුවක් තබා තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් දඩ පත්‍රිකාවක් ලබා නොදීමට පෙට්‍රල් ලීටරයක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙකු මාවතගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    උප පොලිස් පරීක්ෂකවරයා ඉඟුරුවත්ත පොලිස් ස්ථානයටත්, පොලිස් සැරයන්වරයා වෙලගෙදර පොලිස් ස්ථානයටත් අනුයුක්තව සේවයේ නිරතවන අය බව මාවතගම පොලීසිය සඳහන් කළේය.

    මෝටර් රථ ආඥාපනතට අනුව වාහනයක ඉදිරිපස වීදුරුව අවහිරවන සේ විවිධ ද්‍රව්‍ය තැබීම තහනම්ය. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන අංශයේ සේවයේ නිරතවන නිලධාරීන්ට බලය ලබාදී තිබේ. අහිංසක ත්‍රීරෝද රථ රියදුරෙකු අල්ලාගෙන පෙට්‍රල් ලීටරයක් අල්ලසට ගෙන ඇත්තේ එම වැරැදට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට යැයි කියාය.

    මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 17 වෙනිදාය. අල්ලස්ගත් උප පොලිස් පරීක්ෂකවරයාත් සැරයක්වරයාත් විශේෂ රාජකාරි සඳහා එදින මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇත.

    මැටිබොක්ක මාර්ග බාධකයේ රාජකාරියේ ඔවුන් දෙදෙනා යොදවා සිටියදී අහිංසක ත්‍රීරෝද රථ රියදුරා නවතාගෙන නීතිය පෙන්වා බිය ගන්වා පෙට්‍රල් ලීටරයක් අල්ලසක් ලෙස ලබාගෙන ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත. මේ සියල්ල අදාල ත්‍රීරෝද රථ රියදුරා සිය ජංගම දුරකථනයේ පටිගතකර එය මුහුණු පොත හරහා ප්‍රසිද්ධකර ඇත්තේ පොලීසියේ නිරවත රටටම දැන ගැනීමට ඉඩ සලසමිනි.

    මේ ගැන සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ වූ තොරතුරු පදනම්කරගෙන කුරුණෑගල කොට්ඨාශභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එම්.යූ. චන්දන මහතා විසින් මාවතගම පොලීසියට ලබාදුන් උපදෙස් මත කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටද මාවතගම ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබුනි.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img