තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරියාව බලු මස් තහනම් කරන්න යයි

    කොරියාව බලු මස් තහනම් කරන්න යයි

    දකුණු කොරියාවේ පුරාණ චාරිත්‍රයක් ලෙස පැවති සුනඛ මාංශ අනුභව කිරීම තහනම් කිරීමට අපේක්ෂා කරන බව එරට පාලන පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව සුනඛ මාංශ අනුභවය සම්බන්ධයෙන් ඇතිව සමාජ ගැටුම් සහ මතභේදයන් අවසන් කිරීම සඳහා විශේෂ පනතක් සම්මත කිරීමට කාලය පැමිණි ඇති බවද දකුණු කොරියාවේ මහජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රධානී Yu Eui-dong රජයේ නිලධාරීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවති සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී පැවසීය.

    මෙහිදී මෙම තහනම බලාත්මක කිරීම සඳහා රජය සහ පාලක පක්ෂය මේ වසරේ පනතක් ඉදිරිපත් කරන බවද ඔහු පැවසූ අතර එහිදී ද්විපාර්ශ්වික සහාය ඇතිව, පනත පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත යුතු බව ද ඔහු පැවසීය.

    එම සාක්ච්ඡාව අතරතුරදී කෘෂිකර්ම අමාත්‍ය Chung Hwang-keun පැවසුවේ රජය ඉක්මනින් තහනමක් ක්‍රියාත්මක කරන බවත් එහිදී සුනඛ මාංශ කර්මාන්තයේ යෙදී සිටින පිරිසට ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත්ය.

    දකුණු කොරියානු ජනාධිපති ආර්යාව Kim Keon Hee සුනඛ මාංශ පරිභෝජනය දැඩි ලෙස විවේචනය කරන්නියක් වන අතර, ඇයගේ සැමියා වන ජනාධිපති Yoon Suk Yeol සමඟ එක්ව අයාලේ යන සුනඛයන් රැක බලා ගැනීමටද කටයුතු කරන්නීය.

    මීට පෙරද දකුණු කොරියාව විසින් සුනඛ මාංශ පිරිභෝජනය තහනම් කිරීමට උත්සහ කළද එම කර්මාන්තයේ නියැලෙන්නන්ගේ විරෝධතා සහ ගොවීන්ගේ සහ ආපනශාලා හිමියන්ගේ ජීවනෝපාය ගැන කනස්සල්ලට පත්වීම හේතුවෙන් එම පනත ගෙන ඒම අසාර්ථක විය.

    සුනඛ මස් අනුභව කිරීම කොරියානු අර්ධද්වීපයේ අනාදිමත් කාලයක සිට පැවත එන පුරුද්දක් වන අතර එය ග්‍රීෂ්ම ඍතුවෙන් ඇති උණුසුමෙන් මිදීමේ මාර්ගයක් ලෙසද සැලකේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img