Home උණුසුම් පුවත් විදුලිය ගන්න අලුත් විදියේ බලාගාරයක් -නීතිත් වෙනස් කරයි

විදුලිය ගන්න අලුත් විදියේ බලාගාරයක් -නීතිත් වෙනස් කරයි

විදුලිය ගන්න අලුත් විදියේ බලාගාරයක් -නීතිත් වෙනස් කරයි

2032 වසර වනවිට මෙරට තුළ පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැත.

ඒ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම ය.

ඒ සඳහා මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම කළ යුතු බව කී සභාපතිවරයා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිළධාරීන් සමඟ මේ දිනවල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද කීය.

ඒ සඳහා සහායවීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් මහතා ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියහ.

කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ඇතුළු රට තුළ ක්‍රියාත්මක නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙයි.

ඊට යෝග්‍යම ප්‍රභවය වන්නේ න්‍යෂ්ටික විදුලි සැපයුම බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පැවසීය.

ඔහු පැවසුවේ ඒ අනුව මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here