Home දේශීය පුවත් උණුසුම් පුවත් රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් ගිනි ගනී

රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් ගිනි ගනී

රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් ගිනි ගනී

කොළඹ වරායට පිවිසීම සදහා නැංගුරම් ලා ඇති බහලුම් නෞකාවක හටගත් ගින්නක් නිවා දැමීමට නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිනි නිවීමේ අංශයට දැඩි

පරීශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ.

‘එක්ස්-ප්‍රෙස් පර්ල්’ නැමැති එම නෞකාවේ ගින්න ඊයේ (20) දහවල් කාලයේ ඇතිවී තිබෙන බව සදහන්ය.

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් පමණ ඈතින් එම නෞකාව නැංගුරම් ලා තිබුණි.

සිංගප්පූරුවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව

2021 මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායෙන් නයිට්‍රික් අම්ලය, තවත් රසායනික ද්‍රව්‍ය හා ආලේපන ටොන් 25 ක් සහිත බහාලුම් 1486 ක් රැගෙන ගොස් යාත්‍රාකරමින්

තිබී ඇත.

කොළඹ වරායට ඇතුළු වීමට සූදානමින් මැයි 19 දා සිට නෞකාව එම ස්ථානයේ නැංගුරම් ලා තිබී ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාවේ පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයන් වන 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇත. ඒකිසිවෙකුටත්

හානියක් සිදුව නැත.
ගින්න නිවා දැමීමෙන් අනතුරුව නාවික හා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලයෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් නැවට ගොඩ වී නැවෙහි ඇති තත්ත්වය පරීක්ෂා කර බලා

තිබේ. ප්‍රවාහනය කරන රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාවකින් ගින්න හටගෙන ඇතැයි එහිදී පෙනී ගොස් ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here