Home උණුසුම් පුවත් කළුතර-කොළඹ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම වැඩ

කළුතර-කොළඹ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම වැඩ

0
කළුතර-කොළඹ තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම වැඩ

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටි තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරාම විවෘතන තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය, හැවලොක්ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර, සීතාවකපුර යන තැපැල් කාර්යාල ඒ අනුව පැය 24 පුරා විවෘතව පවතී.

මහජනතාව වෙනුවෙන් සේවා සැපයීම පුළුල් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාත – දකුණ (කොළඹ- කළුතර) තැපැල් බල ප්‍රදේශයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල 13ක් මෙසේ පැය 24 පුරා විවෘතකර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාත්‍රී කාලයේදී රථවාහන නඩු සම්බන්ධයෙන් නිකුත් කරන දඩ පත්‍රිකා භාර ගැනීමට ද එම තැපැල් කාර්යාල වල පහසුකම් යොදා ඇත.

එබැවින් රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට ලබාදෙන දඩ පත්‍රිකා එම තැපැල් කාර්යාලවලට පැය 24 පුරාම ගෙවීමට හැකියාව ඇති බැවින් ඒ ගැන පොලිස් නිලධාරීන් හා රියදුරන්ව දැනුවත්කරන ලෙස රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා විසින් බස්නාහිර පළාතේ රථවාහන අංශ පොලිස් ප්‍රධානීන්ට සහ පොලිස් කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here