Home උණුසුම් පුවත් කැබිනට්ටුවේ කතා නොවූ ක්‍රිකට් තීරණයක් ගැන ක්‍රීඩා ඇමති කියයි

කැබිනට්ටුවේ කතා නොවූ ක්‍රිකට් තීරණයක් ගැන ක්‍රීඩා ඇමති කියයි

කැබිනට්ටුවේ කතා නොවූ ක්‍රිකට් තීරණයක් ගැන ක්‍රීඩා ඇමති කියයි

ඉදිරියේදී ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවක් පත්කිරීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට වන ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම මාධ්‍ය නිවේදනය නිවැරැදි විය යුතු බවයි.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, ඉදිරියේදී අතුරු කමිටු පත්කිරීම පිළිබඳ සාකච්ඡා නොවූ බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් මඟපෙන්වීමක් සිදුකළ යුතු බවට හෝ කැබිනට්ටුවේදී සාකච්ඡා නොවු බව හෙතෙම කියයි.

විශේෂ සටහනක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

මීට අදාළ නිවේදන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here