Home උණුසුම් පුවත් කෝචිචි පෙට්ටියෙන් ත්‍රීපෝෂ සොරාගත් 3ක් අත්අඩංගුවට

කෝචිචි පෙට්ටියෙන් ත්‍රීපෝෂ සොරාගත් 3ක් අත්අඩංගුවට

0
කෝචිචි පෙට්ටියෙන් ත්‍රීපෝෂ සොරාගත් 3ක් අත්අඩංගුවට

මඩකලපුව දුම්රිය ස්ථානයේ නතකරකර තිබුණු ත්‍රීපෝෂ ප්‍රවාහනයකරන දුම්රිය පෙට්ටියකින් රුපියල් ලක්ෂයකට අධික ත්‍රීපෝෂ තොගයක් සොරාගත් තිදෙනෙක් මඩකලපුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිට රැගෙන ආ මෙම ත්‍රීපෝෂ තොගය සොරාගෙන ඇත්තේ පසුගිය 06 වෙනිදාත් 07 වෙනිදාත් අතර කාලය තුළදී බව පොලීසිය කියයි.

ත්‍රීපෝෂ පැකට් 150ක් අඩංගු උර 05ක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් ප පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ දිනයේදීය. ඒ අනුව විමර්ශන පවත්වා මඩකලපුවේම පදිංචි තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරුමත සොරාගත් ත්‍රීපෝෂවලින් කොටසක්ද සොයාගෙන ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන නිලධාරියා විසින් බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here