Home උණුසුම් පුවත් හෝමාගම උසාවියේ අකුණු සන්නායකයත් උස්සලා

හෝමාගම උසාවියේ අකුණු සන්නායකයත් උස්සලා

0
හෝමාගම උසාවියේ අකුණු සන්නායකයත් උස්සලා

හෝමාගම අධිකරණ ගොඩනැගිල්ලෙහි සවිකර ඇති අකුණු සන්නායකය සොරාගෙන ගොස් ඇතැයි හෝමාගම පොලීසිය කියයි.

අඩි 45ක් දිග තඹ පටියේ කොටසක් සමඟ අකුණු සන්නායකය සොරාගෙන ගොස් ඇති බව සඳහන්ය.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකර ඇත්තේ හෝමාගම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසිනි. ඇය පොලීසිවය මේ ගැන පැමිණිලිකර ඇත්තේ පසුගිය 12 වෙනිදාය. එම පැමිණිල්ලට අනුව සොරාගත් අකුණු සන්නායකගේ වටිනාකම රුපියල් 110,000ක් පමණ වනු ඇත.

මෙම සොරකම සිදුවූ නිෂ්චිත දිනයක් අනාවරණය නොවන බව රෙජිස්ට්‍රාර්වරිය විසින් කර ඇති පැමිණිල්ලෙහි සඳහන් වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here