Home උණුසුම් පුවත් බොරැල්ල නිවාස සංකීර්ණයක තෙවැනි මහලින් දරුවෙකු වැටිලා

බොරැල්ල නිවාස සංකීර්ණයක තෙවැනි මහලින් දරුවෙකු වැටිලා

0
බොරැල්ල නිවාස සංකීර්ණයක තෙවැනි මහලින් දරුවෙකු වැටිලා

බොරැල්ලේ පිහිටි සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලින් බිමට වැටී 16 හැවිරිදි දරුවෙකු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ ඇතුලත්කර ඇත.

මෙම දරුවා බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෙකි. මෙම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඔහු නිතර යන එන සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ නිවසකට ගොස් සිට ඇත.

මව නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී දරුවා නිවසේ නොසිටි බැවින් සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ පිහිටි නිවස වෙත පැමිණ ඇත්තේ දරුවා සොයාගෙනය. මව එම නිවසට පැමිණ දොරට තට්ටුකරන විට කළබල වූ මෙම දරුවා නිවසේ පිටුපස ජනේලයක් විවෘතකර ඒ තුළින් පිටතට අඩිය තබා බිත්තියේ ඇති සිමෙන්ති ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට යාමේදී බිමට වැටි ඇති බව පොලීසිය කියයි.

මෙම දරුවා බිමට වැටී හිස තුවාල වී ලේ විලක් මැද බිම වැටී සිටියද ඔහුව රෝහල රැගෙන යාමට පවා කිසිවෙකුත් ඉදිරිපත් වී නැතිබව කියයි. බොහෝ වේලාවකට පසු දරුවාව රෝහලට රැගෙන ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයක දමාගෙන බව ප්‍රදේශවාසීන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here