Home උණුසුම් පුවත් පෝට් සිටි පනත සම්මතයි – රිෂාද්ගේ මන්ත්‍රීවරු දෙකට බෙදී ඡන්දය දෙති

පෝට් සිටි පනත සම්මතයි – රිෂාද්ගේ මන්ත්‍රීවරු දෙකට බෙදී ඡන්දය දෙති

පෝට් සිටි පනත සම්මතයි – රිෂාද්ගේ මන්ත්‍රීවරු දෙකට බෙදී ඡන්දය දෙති

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද සම්මත විය.

ඊට පක්ෂව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද 149 ක් හිමි විය.

ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි.

කෙටුම්පතට අදාළ දෙවන වර හා තුන්වන වර කියවීමේ විවාදය අවසානයේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඡන්ද විමසීම ඉල්ලා සිටියේ ය.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

එහෙට්ග් ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූයේ නැත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

රිෂාඩ් බදියුදීන්‌ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය කරන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂ වූහ.

බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය එම්.මුෂාරෆ් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේ කෙටුම්පතට විරුද්ධවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here