Home උණුසුම් පුවත් “ස්වාභාවික විපත්වලින් පස්සේ යළි ගොඩනැංවීම විධිමත් කළ යුතුයි” -චීන ජනපති

“ස්වාභාවික විපත්වලින් පස්සේ යළි ගොඩනැංවීම විධිමත් කළ යුතුයි” -චීන ජනපති

“ස්වාභාවික විපත්වලින් පස්සේ යළි ගොඩනැංවීම විධිමත් කළ යුතුයි” -චීන ජනපති

 
ස්වාභාවික විපත්වලින් පසු පුනරුත්ථාපන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

බෙයිජිං නගරයේ හා හබෙයි පළාතේ හටගත් ස්වාභාවික විපත්වලින් පසු ක්‍රියාත්මක පුනරුත්ථාපන වැඩසටහන් ඊයේ  (10) විමසා බැලූ අවස්ථාවේ චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

රට පුරා විවිධ මට්ටම්වල කොමියුනිස්ට් පක්ෂ කමිටු හා නාගරික රජයන් සෑම විටෙකම මහජනතාව කේන්ද්‍ර කරගනිමින් පුනරුත්ථාපන කටයුතු කෙරෙහි තවදුරටත් දැඩි අවධානය යොමු කළ යුතු ය. ජනතාවට ශීත ඍතුව සුවපහසු අයුරින් උණුසුම් ලෙස ගතකිරීමේ හැකියාව සහතික කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය.

පසුගිය ජූලි මස අග හා අගෝස්තු මස මුල දී හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙයිජිං නගරය හා හබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල ජීවිත හානි රැසක් ද සිදුවිය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here