Home උණුසුම් පුවත් ඩිංගි බෝට්ටුවෙන් ආ මත්පෙති විශාල තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ඩිංගි බෝට්ටුවෙන් ආ මත්පෙති විශාල තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ඩිංගි බෝට්ටුවෙන් ආ මත්පෙති විශාල තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කළ මත්පෙති පන්ලක්ෂ හැත්තෑ දහසක (570,000) තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිංගි යාත්‍රාව තුල පෙට්ටි 10ක ඇසුරුම් කොට මෙම මත්පෙති ගබඩා කර තිබී ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කුඩා යාත්‍රාවක් යොදවා, ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා (02) සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here