Home උණුසුම් පුවත් FB එකෙන් හඳුනාගත් සති දෙකේ පෙම්වතියව කොස්තාපල් දූෂණය කරලා

FB එකෙන් හඳුනාගත් සති දෙකේ පෙම්වතියව කොස්තාපල් දූෂණය කරලා

0
FB එකෙන් හඳුනාගත් සති දෙකේ පෙම්වතියව කොස්තාපල් දූෂණය කරලා

මුහුණු පොතින් දැන හදුනාගත් තරුණියක් රවටා හෝටල් කාමරයකට රැගෙන ගොස් දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකුව වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා කොක්මාදූවේ පදිංචිකරුවෙකි. 23 හැවිරිදි මෙම කොස්තාපල්වරයා නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මෙම අපරාධය සිදුකර ඇතැයි පොලීසිය කියයි.

මෙම පොලිස් නිලධාරියා විසින් දූෂණයකර ඇත්තේ 20 හැවිරිදි වැලිගම පදිංචි ඇගුළුම් සේවිකාවක් බව පොලීසිය කියයි.

මොවුන් දෙදෙනා මුහුණු පොතෙන් සති දෙකකට පෙර දැන හදුනාගෙන පෙම්වතුන් බවට පත්වූ අය බවද විමර්ශන වලින් හෙළිවී තිබේ.

පෙම්වතා වන පොලිස් කොස්තාපල්වරයා නිවාඩුවට නිවසට පැමිණ ඇයව මුණ ගැසීමට අවශ්‍ය යැයි කියා වැලිගම පිහිටි ස්ථානයකට ගෙන්වාගෙන පසුව ඇයව රවටා හෝටලයට රැගෙන ගොස් දූෂණයකර ඇතැයි පොලීසිය කියයි. මෙම සිදුවීම වී ඇත්තේද ඊයේ පෙරවරුවේදීය. ඒ ගැන එම ඇගළුම් සේවිකාව කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here