තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු විවාදය අතරෙත් ක්‍රිකට් බෝඩ් ලොක්කෝ ඩොලර් මිලියන 2ක් අදින්න හදලා

    පාර්ලිමේන්තු විවාදය අතරෙත් ක්‍රිකට් බෝඩ් ලොක්කෝ ඩොලර් මිලියන 2ක් අදින්න හදලා

    ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද(09) උදෑසන පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

    ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව හෙළි කළ අතර, එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂ භේද කුමක් වුවත් හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරයා හා සාකච්ඡා කර මෙම ගනුදෙණු සියල්ල තාවකාලිකව අත්හිටුවන ලෙස යි.

    මෙය නීති ගැන හිතන්න වෙලාවක් නොවන බවත් මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල මුදල් මෙන්ම රටට ලැබුණු මුදල් බැවින් ජනාධිපතිවරයාට කතා කර එම කටයුතු අත්හිටුවන ලෙසත් මෙය බරපතල සිදුවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එසේ ම ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවැනි ක්‍රියා සිදු කරන්නේ කාගේ බලය මත ද කියා සොයා බලන ලෙසත් මෙය බරපතල ගැටලුවක් බවත් මෙවැනි ජරා වැඩ සිදු කිරිමට ඉඩ නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

    එසේම රොෂාන් රනසිංහ ඇමතිතුමා ක්‍රීඩා ඇමතිධුරයේ දිගටම තැබිය යුතු බවත් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තමාම සම්මත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img