Home උණුසුම් පුවත් ක්‍රිකට් ආයතනයට පාරත් වැහෙයි – ‍කඳුළු ගෑසුත් සූදානම්

ක්‍රිකට් ආයතනයට පාරත් වැහෙයි – ‍කඳුළු ගෑසුත් සූදානම්

ක්‍රිකට් ආයතනයට පාරත් වැහෙයි – ‍කඳුළු ගෑසුත් සූදානම්

කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසුම් මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා ඇත.

බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණියහ.

පොලීසිය විසින් උන්වහන්සේ ව අතරමඟ දී නවතා ඇති නමුත් පසුව ලිපිය භාරදීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here