Home උණුසුම් පුවත් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදුන් පොලිස් සැරයන් හිරේට

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදුන් පොලිස් සැරයන් හිරේට

0
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදුන් පොලිස් සැරයන් හිරේට

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට වසර 08ක බරපතල වැඩ ඇතිව සිරදඩුමක් ගාල්ල මහාධිකරණය විසින් නියම කර ඇත.

එම සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක වන්දියක්ද ගෙවීමට අධිකරණය විසින් පොලිස් සැරයන්වරයාට නියමකර තිබේ.

මෙම පොලිස් නිලධාරියා වදුරඹ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී මෙම පහරදීම සිදුව ඇත්තේ 2006 වසරේ ජූලි 11 වෙනිදා බව පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් කළ පැමිණිල්ලකට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here