Home උණුසුම් පුවත් කූඨ ලේඛනවලින් සිසුන් ඇතුළත් කළ අන්තෝනි විදුහල්පතිනියට මාරුවක්

කූඨ ලේඛනවලින් සිසුන් ඇතුළත් කළ අන්තෝනි විදුහල්පතිනියට මාරුවක්

කූඨ ලේඛනවලින් සිසුන් ඇතුළත් කළ අන්තෝනි විදුහල්පතිනියට මාරුවක්

කූඨ ලේඛන උපයෝගී කොට කටුගස්තොට ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයේ අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොල අධ්‍යාපන කලාපය වෙත මාරු කොට යවා තිබේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර සිටි ඇය ගම්පොල අධ්‍යාපන කාර්යාලය වෙත මාරු කිරීමේ ලිපිය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා විසින් සැකකාර හිටපු විදුහල්පතිනිය වෙත යොමු කර ඇත.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි පංති සඳහා දැරියන් ඇතුළත් කර ගැනීම සඳහා කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු හා සිද්ධියට අනුබල දුන් අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණය හමුවට පමුණුවා තිබේ.

කූඨ ලේඛන උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුවේ.

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සඳහා නව විදුහල්පති ලෙස කැකිරාව අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ ලක්මිණි සිරිවර්ධන මහත්මිය පත් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here