Home උණුසුම් පුවත් නුවරඑළිය තැපැල් කන්තෝරුව රකින්න තැපැල් සේවකයෝ විරෝධතාවක

නුවරඑළිය තැපැල් කන්තෝරුව රකින්න තැපැල් සේවකයෝ විරෝධතාවක

නුවරඑළිය තැපැල් කන්තෝරුව රකින්න තැපැල් සේවකයෝ විරෝධතාවක

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව එලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

සමස්ත තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවකයින් 27,000ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතව තිබේ.

පුරාවිද්‍යාත්මක ස්තානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 1894 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද්දකි.

එය ටියුඩර් විලාසිතාවෙන් රතු වර්ණයෙන් වර්ණවත් වන දෙමහල් ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම ගඩොල්වලින් නිමවා ඇත.

මෙම ගොඩනැගිල්ල 2017 වර්ෂයේ දීද හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට යෝජනා වුවද බොහෝ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධය සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් එවකට පැවති රජයට එය නවතාදැමීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here