Home උණුසුම් පුවත් මල්වානේ හොර අරක්කු තිප්පොලක් අල්ලයි

මල්වානේ හොර අරක්කු තිප්පොලක් අල්ලයි

0
මල්වානේ හොර අරක්කු තිප්පොලක් අල්ලයි

මල්වාන, කලුකොදයාව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධිව මත්පැන් නිෂ්පාදනයකර බෝතල්වලය ඇසුරුම්කරන ඡාවාරමක් හෙළිකර ගැනීමට දොම්පේ පොලීසිය සමත්ව ඇත.

දොම්පේ පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ සවස පොලීසිය එහි යන විටත් නීති විරෝධිව නිෂ්පාදනය කළ මත්පැන් බෝතල්වලට ඇසුරුම් කරමින් තිබී ඇත.

එතනෝල් සාන්ද්‍රණ යොදා ගනිමින් මෙහි නීති විරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනය කරමින් තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සමග 12 දෙනෙක් මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here