Home උණුසුම් පුවත් PUCSL හිටපු සභාපතිගෙන් කප්පම් ගත් සැකකරුට රැකවරණය දුන් 2ක් කොටු

PUCSL හිටපු සභාපතිගෙන් කප්පම් ගත් සැකකරුට රැකවරණය දුන් 2ක් කොටු

0
PUCSL හිටපු සභාපතිගෙන් කප්පම් ගත් සැකකරුට රැකවරණය දුන් 2ක් කොටු
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා

පාතාලයේ ප්‍රබලයෙකුගේ නමක් පවසා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනයකර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන පළාගොස් සිටින ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදුන් බව කියන දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 38 හා 40 යන වයස්වල පසුවන්නන්ය.

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

ජනක රත්නායක මහතා බිය ගන්වා කිරුලපනේදී ඔහුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගෙන තිබුණේ පසුගිය ඔක්තෝබර් 16 වෙනිදාය.

 

ඡායාරූපය- මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here